ad_here

Ayur Expo2016

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Gampaha weda gedara

Consultants
Subscribe with WEDASA
Email *
 
රක්ත මෝක්ෂණය සහ ආයුර්වේදය

දිය පූඩාවාකුඩැල්ලාආයුර්වේද මූල ග්‍රන්ථ වල සඳහන් “ස්වස්ථස්‍ය ස්වාස්ථ්‍ය රක්ෂණමාතුරස්‍ය විකාර ප්‍රශමනං ච” යනුවෙන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත්තේ ආයුර්වේද චිකිත්සා ක්‍රමයේ මුඛ්‍ය පරමාර්ථයන් පිළිබඳවය. මෙම පාඨය තුල ගැබ්වි ඇති තේරුම එසේත් නැතිනම් ගැඹුරු අර්ථය ඉතාම පුළුල් පරාසයක් තුල විග්‍රහ කල හැක්කකි. (ආයුර්වේදය යනු වෛද්‍ය ක්‍රමයක් නොව ජිවන දර්ශනයකි. වෛද්‍යක්‍රමය සහ  ප්‍රතිකාර එහි එක් අංශයක් පමණි) ආයුර්වේද ප්‍රතිකාර අංශය කෙරෙහි ඉහත පාඨය සම්බන්ධ වන ආකාරය කෙරෙහි පමණක් අප මෙහිදි අවධානය යොමු කරන්නේ අපගේ මාතෘකාව ප්‍රතිකාර අංශය සමග බැදි පවතින්නක් වන බැවිනි. එබැවින් ඉහත ශ්ලෝක පාඨයෙන් ඉදිරිපත් කර සිටින අදහස වන නිරෝගි පුද්ගලයාගේ නිරෝගිභාවය පවත්වා ගැනීම/රෝගී වීම වලක්වා ගැනීම සහ රෝගයන් (විකාර යනුවෙන් හඳුන්වා ඇත්තේ රෝගයන්ය) ප්‍රතිකාර කිරිම මගින් මැඩ පැවැත්වීම යන නිශ්චිත පරමාර්ථ ද්විත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය වෙත යොමු වෙමු. ආයුර්වෙද මුල ග්‍රන්ථ වල දක්වා ඇති ආයුර්වේද චිකිත්සාවේ නිශ්චිත ක්‍රමවේදයට ඇතුලත් ප්‍රධාන කොටසක් වන පංචකර්‍ම චිකිත්සාවට අන්තර්ගත එක් සුවිශේෂි චිකිත්සීය අංගයකි රක්තමෝක්ෂණ ප්‍රතිකාරය. අප මෙම කරුණ මෙම ලිපිය ආරම්භයේදීම එකතු කිරිම තුලින්  උත්සහ කලේ ‍රක්තමෝක්ෂණ ප්‍රතිකාර මුලධර්මය පැහැදිලිවම ආයුර්වේදය තරම්ම පැරණිය යන්න ඔබට වටහා දීමටයි. එසේම එය ආයුර්වේදයේ අන්තර්ගත කොටසක්ය යන්න තහවුරු කිරීමටයි.

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට රක්තමෝක්ෂණ සම්බන්ධ වන අයුරු……….

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තර්පණ/වෘංහණ ප්‍රතිකාර ක්‍රමය(සිරුර පෘෂ්ඨිමත් කිරීම) සහ අපතර්පණ/ලංඝන ප්‍රතිකාර ක්‍රමය (සිරුරු ගත ආමය පැසවීම) යන ප්‍රධාන චිකිත්සා ධාරා දෙක ඔස්සේ සිදු කරනු ලබන්නකි. මෙම ක්‍රමවේදයේදී වෘංහණ ප්‍රතිකාරය සඳහා රසායන (Rejuvenation) වාජිකරණ (Aphrodisiacs) චිකිත්සාවද ලංඝන ප්‍රතිකාර සඳහා ශෝධන (Purifying) ශමන (Alleviative) ප්‍රතිකාරයද භාවිතා කෙරේ. ශමන ප්‍රතිකාර සිදුකිරීම දීපන, පාචන, ක්ෂුත්, තෘට්, ව්‍යායාම, ආතප, මාරුත යන ක්‍රම ඔස්සේ සිදු කරන අතර ශෝධන ප්‍රතිකාරය සිදු කරනුයේ නස්‍ය, වමන, විරේචන, වස්ති සහ රක්තමෝක්ෂණ යන  චිකිත්සාවන් පහ (පංචකර්‍ම චිකිත්සා)මගිනි.

ඉහත දැක්වූ ක්‍රමවේදයට පරිබාහිර ආයුර්වේද ප්‍රතිකාරයක් නොමැති අතර වැදගත්ම කරුණ වන්නේ මෙම විධිමත් සහ පැහැදිලි ක්‍රමවේදය මීට ශතවර්ශ බොහෝ ගණනකට පෙර පෙරදිග ආයුර්වේද වෛද්‍යක්‍රමය ආරම්භ වන අවස්ථාවේදීම මනා ලෙස වටහා ගෙන සංග්‍රහ කර තිබීමයි. එබැවින් වර්තමාන ආයුර්වේද වෛද්‍යක්‍රමය අභ්‍යාස කරනා සියළුම පිළිගත් සහ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් චිකිත්සාවේදී කිසිදු ගැටළුවකින් තොරව ඉහත ක්‍රමවේදය අනුගමනය කරනුයේ සියවස් ගණනාවක් තිස්සේ කිසිදු වෙනසකට හෝ නව නිවැරදි කිරිමක් සිදු කිරිමට අවශ්‍ය නොවී මෙම ක්‍රමවේදය ඉතා නිවැරදිම ආකාරයට පැවතෙන බැවිනි.

රක්ත මෝක්ෂණය“Prevention is better than cure”යන්නවර්තමානය වන විට ඇලෝපති වෛද්‍යක්‍රමය විසින් නිරන්තරයෙන් අවධාරණය කර සිටීමට පෙළඹෙමින් සිටිනා ඉතා ප්‍රසිද්ධ පාඨයකි. එම පාඨයේ අරුත වන්නේ “රෝග වලින් වැලකී සිටිම/රෝගී නොවී සිටිම රෝග වු පසු ප්‍රතිකාර ගැනිම හරහා සුව වීමට වඩා හොඳය” යන්නයි.  එවැනි අදහසක් බටහිර වෛද්‍ය ක්‍රමයේ අයිතිකරුවන්ට ලෝක මට්ටමෙන් ව්‍යාප්ත කිරීමට සිදුව ඇත්තේ ඇයිද යන්න මේ මොහොතේදි පැහැදිලි කර ගැනීම වටි. අප මේ පසුකරමින් සිටිනුයේ බටහිර වෛද්‍යක්‍රමය තුලින් සෑම රෝගයක්ම සුවකල නොහැකි බව ඔප්පු වෙමින් තිබෙනා කාල වකවානුවක්ය. මෙතෙක් කාලයක් බටහිර වෛද්‍ය ක්‍රමයේ අයිතිකරුවන් විසින් එම වෛද්‍ය ක්‍රමය තුලින් රෝගී ප්‍රතිකාර සේවාව තුල කල නොහැක්කක් නොමැත යන අදහස සමාජය තුල තහවුරු කරමින් අනෙකුත් අවශේෂ වෛද්‍යක්‍රම වලින් සිදු කරනා ප්‍රතිකාර වලට ගරහමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තනි ආධිපත්‍යයක් පවත්වා ගෙන පැමිණියේය. එහෙත් බටහිර වෛද්‍යක්‍රමය හරහා සුව කල නොහැකි කිසිදු රෝගයක් මිහිපිට නැත යන අධිකාරිවාදි මතවාදය තව දුරටත් වලංගු නොවන බව සමාජය හමුවේ නිරාවරණය වීම නිසාවෙන් සහ බටහිර වෛද්‍යක්‍රමයේ ඖෂධීය ප්‍රතිකාර තුලින් මිනිසාගේ නිරෝගිභාවය සියයට සියයක් පවත්වාගෙන යාමට අපොහොසත් බව ප්‍රායෝගීක සත්‍යයක් බවට පත්වෙමින් පවතින නිසා ඔවුනට තම අධිකාරි බලය පවත්වා ගෙන යාම සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග වන්නේ මෙවැනි සංකල්ප වලට සමාජය තුල තහවුරු වීමට මග විවර කර දීමයි. මෙවැනි සංකාල්ප බටහිර වෛද්‍ය විද්‍යා පැත්තේන් මතුවිමේ යටි අරුත එයයි. මෙවැනි සංකල්ප සමාජ ගත කිරීම හරහා යම් ආකාරයකට තමන් මෙතෙක් කල් ආරක්ෂා කරගත් පවුර රැක ගැනීමට හැකි වනු ඇති බව ඔවුන් විශ්වාස කරනාවා විය යුතුය. කෙසේ නමුත් පැහැදිලිව එක් එක් වෛද්‍ය ක්‍රම වල ඉතිහාසයන් සහ සංකල්පීය පදනම් විමසා බැලිමේදී පෙනී යන්නේ උක්ත අදහස ඇලෝපති වෛද්‍ය ක්‍රමය විසින් නව සංකල්පයක් ලෙස සමාජ ගත කිරීමට දැන් උත්සහ කලද එය ඔවුන් පැවසීමට පෙර වෙන වෛද්‍ය ක්‍රමයක් විසින් පවසා ඇති බවයි. ඒ වෙන කිසිදු වෛද්‍ය ක්‍රමයක් නොව ආයුර්වේද වෛද්‍යක්‍රමය විසිනි. එහෙත් ආයුර්වේදය එය පවසා ඇත්තේ ඉතාම පැහැදිලි තාර්කික පදනමක පිහිටා බව මෙහිදි අවධානයට ගත යුතුය.

ආයුර්වේද වෛද්‍යක්‍රමය අවබෝධ කර ගෙන සිටියේ මිනිසාට වැලදෙන සැම රෝගයක්ම සුව කිරීමට වඩා වෛද්‍ය ක්‍රමයකින් සිදුවිය යුත්තේ මිනිසාගේ නිරෝගීභාවය පවත්වා ගනිමින් රෝගී නොවී සිටිමට ශක්තිය ඇති මිනිසුන් ඇති කිරීම බවයි. ආයුර්වේදයේ පරමාර්ථ වන “ස්වස්ථස්‍ය ස්වාස්ථ්‍ය රක්ෂණමාතුරස්‍ය විකාර ප්‍රශමනං ච” යන මෙම අදහස හරහා මෙම වෛද්‍යක්‍රමය විසින් ප්‍රායෝගිකවම තම චිකිත්සා ක්‍රම තුල මීට සියවස් ගණනකට පෙර ඉහත සංකල්ප වලට අනූවම තම වෛද්‍ය ක්‍රමය හැඩගස්වා සකස් කර තිබීම තුලින් පෙනී යන්නේ කුමක්ද? ආයුර්වේද වෛද්‍යක්‍රමයේ යථාර්තවාදි බව නොවේද? ප්‍රායෝගික සාර්ථකභාවය නොවේද? කොතරම් ආයුර්වේද වෛද්‍යක්‍රමය ඇතුළු අවශේෂ වෛද්‍යක්‍රම වලට බටහිර වෛද්‍යක්‍රමයේ ඒජන්තයින් විසින් ගැරහුමට ලක් කලද දිනෙන් දින ඔප්පු වෙමින් පවතින්නේ විශේෂයෙන් ආයුර්වේද වෛද්‍යක්‍රමය ඇතුළු එහි ශාකාමය වෛද්‍යක්‍රම තුල ඇති සාර්ථකභාවයයි. රක්තමෝක්ෂණ ප්‍රතිකාරයද ඒ බැව් තහවුරු කරනා තවත් එක් සුවිශේෂි ආයුර්වේදයේ අනන්‍ය ප්‍රතිකාර අංශයක් වන බැවින් අප රක්තමෝක්ෂණ ප්‍රතිකාරය ගැන සාකච්ඡා කරමින් මෙම සංකල්පයේ වලංගුභාවය සොයා යමු.

පංචකර්‍ම චිකිත්සාවන්ගෙන් විශේෂිත ශෝධන ප්‍රතිකාරයක් වන රක්ත මෝක්ෂණයේ ප්‍රධාන අරමුණ අපතර්පණ චිකිත්සා මුලධර්මය පදනම් කරගත් ශෝධන ප්‍රතිකාරයට අනූව යමින් ශරීරයේ ඇති දූෂිත/අපිරිසිදු රුධිරය සිරුරින් බැහැර කිරීමයි. ශරීරයේ සමස්ථ ක්‍රියාකාරිත්වයටම අයහපත් බලපෑමක් ඇති කල හැකි ප්‍රධාන කරුණක් ලෙස දුෂිත රුධිරය සිරුරේ එක් රැස්ව තිබීම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ  නිර්මාපකයන් දැන සිටි  බැවින් මෙම දුෂිත රුධිරය ඉවත් කිරීම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයක් බව වටහා ගෙන ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය එවැනි සංකල්පයක් නිවැරදි බව තේරුම් ගෙන පිලිගැනීමට පටන් ගන්නේ මැතකදී වන අතර  වර්ථමානයේදි බටහිර වෛද්‍යක්‍රමය තම ප්‍රතිකාර තුල මෙම සංකල්පයට අනූව යමින් නව ප්‍රතිකාර ආකෘති ආරම්භ කර ඇති බවට උදාහරණ රාශියකි.

පුරාණ යුරෝපිය රක්ත විස්‍රාවන ක්‍රමරක්තමොක්ෂණ ප්‍රතිකාරය සඳහා ආයුර්වේදය නිර්දේශ කර ඇති ප්‍රතිකාර ක්‍රම අධ්‍යයයනය කිරිමෙන් නිරාවරණය වන වැදගත් කරුණක් වන්නේ ආයුර්වේදය යනු  කිසිදු දියුණු ක්‍රමවේදයක් නොමැති අවිද්‍යාත්මක ප්‍රාථමික වෛද්‍යක්‍රමයක්ය යනුවෙන් බටහිර වෛද්‍ය ක්‍රමය ඇතුළු බටහිර විද්වතුන් ඇතිකර තිබූ දුර්මතය නිවැරදි නොවන එකක්ය යන්නයි. ආයුර්වේද මූල ග්‍රන්ථ වලට අනූව රක්තමොක්ෂණ ප්‍රතිකාරය සිදුකිරිම සඳහා ආයුර්වේදය විසින් විවිධ තාක්ෂණික උපක්‍රම ආම්භයේදීම හඳුන්වා දී ඇති අතර වෛද්‍ය ක්‍රමයක් විසින් තම ප්‍රතිකාර ක්‍රම තුලට පළමු වරට භෞතික විද්‍යාත්මක මුලධර්මානුකුල ක්‍රමවේද එකතු කර ඇත්තේ ආයුර්වේද වෛද්‍යක්‍රමය තුල රක්තමෝක්ෂණ ප්‍රතිකාරය හරහා විම තුල ඉහත දුර්මත සම්පූර්ණයෙන්ම බැඳ වැටි යයි. වර්තමානයේදී බටහිර වෛද්‍යවිද්‍යාව නවීන විද්‍යාව සහ තාක්ෂණය තම ප්‍රවේණි උරමයක් යැයි සිතා අනෙකුත් වෛද්‍යක්‍රම තාක්ෂණික සහය ලබා ගැනීම සිමා කිරීමට උත්සහ කරන අයුරු දැක ගත හැක. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාව තාක්ෂණය සහ නවීන විද්‍යාව තම වෛද්‍යක්‍රමයේ සංවර්ධනයට යොදා ගැනීමට සිතිමට බොහෝ කාලයකට පෙරින් සිට ආයුර්වේද නිර්මාතෘවරුන් විසින්ම තාක්ෂණය සහ ලෞකික විද්‍යාව තම වෛද්‍යක්‍රමයේ ප්‍රතිකාර සඳහා යොදාගෙන තිබෙනා බව ඔප්පු කිරිමට රක්තමෝක්ෂණ ප්‍රතිකාරය පිළිබඳව ආයුර්වේද වෛද්‍යක්‍රමයේ අඩංගු කරුණු භාවිතා කල හැකිය.

සියළුම විද්‍යාත්මක සොයාගැනීම් හී අයිතිය බටහිර විද්‍යාඥයින් විසින් තමන් සතු කර ගැනීමේ අධිරාජ්‍යවාදි ව්‍යායාමයේ ප්‍රතිඵල ලෙස ලොකය හමුවේ වැරදි මතයක් ගොඩ නැගී තිබනද වායු රික්තක සංකල්පය සහ වායු රික්තක නිර්මාණය කර ගන්නේ කෙසේද යන විද්‍යාත්මක දැනුම සහ පීඩන අන්තරක් ඇති කල හොත් ඒ තුලින් වැඩි පීඩන ස්ථානයේ සිට අඩු පීඩන ස්ථානය කරා  ද්‍රවයන්   පහසුවෙන් ඇදි එන බව යන භෞතික විද්‍යාවේ වැදගත් සිද්ධාන්ත පිළිබඳ දැනුම පෙරදිග විද්‍යාඥයින් සතුව තිබු බව පළමු වරට පෙරදිග ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල රක්තමෝක්ෂණ ප්‍රතිකාරය සිදු කිරිමට අනුගමනය කර ඇති ක්‍රම පිළිබඳව විමසීමේදි පැහැදිලි වේ. නවින භෞතික විද්‍යා සංකල්පයක් ලෙසින් පසුකාලිනව බටහිර ‍විද්‍යාඥයින් විසින් තම පේටන්ට් අයිතිය යටතට  සතු කර ගැනීමට උත්සහ ගත්තද විශ්ව සාධාරණ න්‍යායන් කිසිවෙකුටත් තම ප්‍රවේණි භුක්තියට සවි කර ගත නොහැකි වනවා සේම සත්‍ය මතුවීම හරහා එවැනි මනෝ විකාර ආස්තනයන්ගේ රැදී සිටිම තවදුරටත් කල නොහැකි වන බව ආයුර්වේදය තුලින් ඔප්පු කල හැකි වන්නේය.

මතු සම්බන්ධයි.
(ඒ පිළිබඳව මෙම ලිපියේ මිලඟ කොටසින් සාකච්ඡා කරමු)