අෂ්ඨාංග ආයුර්වේදය » කෞමාරභෘත්‍යය »

ad_here

Ayur Expo2016

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Gampaha weda gedara

Consultants
Subscribe with WEDASA
Email *
 
පවුලේ ගෘහනියගේ නිරෝගිභාවය පවුලේ අන් අයගේ නිරෝගිභාවයට හේතුවයි!
healthy

මව පවුලේ අනිත් අයට කන්න බොන්න හදලා දීලා විතරක් හරියන්නේ නැහැ. ඇය තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැනත් සිතන්න ඕනේ. සිරුරට අවශ්‍ය ව්‍යායාම වල යෙදිය යුතුයි. එසේම මවගේ මානසික තත්ත්වය නිරවුල්ව සහ පැහැදිළිව තබා ගත යුතුයි. මානසික තත්ත්වයේ වෙනස් වීම් නිසා ඇයගේ ශරීරයේ හෝමෝන මට්ටම් වෙනස් විය හැකියි. එමගින් විවිධ රෝග ඇතිවීමේ අවස්ථාව උදාවෙනවා. පවුලක් නිරෝගී යැයි කියන්නේ පවුලේ මව නිරෝගීව සිටිනවා නම් පමණයි.

බිළිඳු පෝෂණය සහ මවුකිරි
MILK FEED

“දෙවියන්ගේ ආහාරය වන අමෘතය-පීයුෂය මවුකිරට සමාන කරමින් නැතිනම් අමෘතය, පීයුෂ යන නාමයන් මවුකිරි සඳහා භාවිතා කරණ පර්යාය නාමයන් බවට පත්කරමින් පැරන්නන් මවුකිරි හැදින්වුයේ එහි ඇති වටිනාකම ඒ තරම්ම වන නිසාවෙනි. ඔවුනට එහි වටිනාකම දැක්වීම සඳහා මෙම නාමයන්ට වඩා සුදුසු වචන නොමැති නිසාවෙන් එසේ හැදින්වුවා යැයිද සිතිය හැක. කෙසේ වෙතත් ළදරුවාගේ ආහාර දිරවීමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වූද ශරීරයේ ක්‍රියාකාරීත්වය සහ නිර්මාණය සම්බන්ධයෙන් වූද අවශ්‍යතාවයන්ට සුදුසු වන ලෙසට මවුකිරි වල සංයුතිය සකස් වී ඇති බව වත්මන් පෝෂණවේදීන් පවා තහවුරු කරගෙන ඇති කරුණකි.

වන්ධ්‍යාභාවය හෙවත් දරුඵල අහිමි වීම

විවාහ දිවියට පත් හැම යුවලකගේම ඒකායන අරමුණ වන්නේ දරු සුරතල් බැලීමයි. දරුවන් අහිමි වීම නිසා බොහෝ දෙනෙකු දැඩි කනස්සල්ලෙන් පසුවනු අපට දක්නට ලැබේ. මෙම ලිපිය ලිවීමේ පරමාර්ථය වන්නේ එවැනි තැනැත්තන්ට සහනයක් සැලසීමයි. මිනිසාගේ පැවැත්ම කෙරෙහි සෘජුවම බලපාන තත්ත්වයක් ලෙස දරුඵල

බිළිඳා සහ රත කල්කය
index

දේශීය සංස්කෘතිය තුල ශ්‍රී ලාංකිකයන් උරුම කර ගත් තවත් එක් සුවිශේෂී දේශීය ඖෂධ යෝගයක් ලෙස රත කල්කය හදුන්වා දිය හැක. දේශීය චිකිත්සාව තුළ පමණක් හමුවන මෙම මහානර්ඝ ඖෂධය විශේෂයෙන්ම බිළිඳුන් සහ කුඩා දරුවන්ට වැළදෙන රතගාය ලෙස හැදින්වෙන රුධිරගත රෝගාවස්ථාව සදහා

...

පහසුවෙන්රෝගයන්ට ගොදුරු විය හැකි සේම අපහසුවෙන් රෝග නිර්ණය කිරීමට සිදුවන වයස් කාණ්ඩයක් ලෙස බාල නැතහොත් ළදරු අවධිය දැක්විය හැක. බාලයන් නැතිනම් ළදරුවන් නිසි පරිදි එම වයස් මට්ටමේදී රැකබලා ගැනීමක් හෝ පෝෂණය කිරීමක් සිදු නොකල හොත් ඒවායේ ආදීනව ඇතිවන්නේ එම අවස්ථාවේදි පමණක් නොවේ. ජීවිතයේ පසු අවධි වලදීද එම තත්ත්වයන්ගේ අනිසි බලපෑම් ඇතිවිය හැක. එය සමහර විට ජීවිත කාලය පුරාවටම පීඩා ගෙන දෙන රෝගී තත්ත්වයකට හේතුවක් විය හැක. දරුවා මෙලොව එළිය දකින්නේ කුමන අවස්ථාවකද එතැන් සිට දරුවා හැදී වැඩී ළදරු අවධිය පසුකර පරිසරයට හුරුවන තෙක් කාල පරාසය තුලදී දරුවන්ට ඇතිවිය හැකි සියළුම රෝගී තත්ත්වයන් පිළිබද සවිස්තර වාර්ථාවක් කෞමාරභෘත්‍යය විෂය තුල අන්තර්ගතය. ඊට අමතරව ළදරුවෙකුගේ මනා වර්ධනය සදහා කල යුතු මූලික කටයුතු පිළිබදව ද මේ විෂයේදි ඉගැන්වේ.
ප්‍රතිශක්තිකරණය සදහා විවිධ වූ එන්නත් නිර්දේශිත බටහිර වෛද්‍ය විද්‍යාව නොතිබුණු යුගයක දරුවන් එවැනි ආසාධණ රෝග වලින් මුදවා ගැනීමට කල ප්‍රතිකාර හා අනෙකුත් ඖෂධ නොවන ප්‍රතිකාර ඉතාම සාර්ථක ඒවා බව අවිවාධිතය. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට සහ බොහෝ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාරයක් වන රත කල්කය සම්බන්ධයෙන්ද ගොඩනැගී ඇති විවාදය ආයුර්වේද කෞමාරභෘත්‍යය විෂය කෙරෙහි ඇති අවධානය වැඩි කිරීමට හේතු වී ඇත. කායික හා මානසික නිරෝගී අනාගත පරපුරක් සදහා මෙම විෂය වඩාත් ඵලදායි ලෙස භාවිතා කල හැක්කේ කෙසේදැයි මෙහිදී අප සාකච්ඡා කරමු.

...