අෂ්ඨාංග ආයුර්වේදය » භූත විද්‍යා »

ad_here

Ayur Expo2016

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Gampaha weda gedara

Consultants
Subscribe with WEDASA
Email *
 
සත්ත්ව රජස් තමස් සහ ආයුර්වේදයේ මානසික රෝග
mind

සියළුම සත්වයින්ට මනසක් ඇත. නමුත් මිනිසා නැමති සත්ත්වයාට ඇති මනස අන් සියළුම සතුන්ට ඇති මනසට වඩා උසස්ය. දියුණුය. ක්‍රියාශීලිය. අනෙකුත් සතුන්ට නොහැකි වුවත් මිනිසාට තමාගේ මනස වර්ධනය කර ගත හැකිය. වනචාරි ව විසු මිනිසා ක්‍රමක්‍රමයෙන් තමාගේ මනස දියුණු කර ගැනිමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ථමානයේ සිටිනා තැනට පැමිණ ඇත. අනාගතයේදී මෙතැනින් තවත් තැනකට යනු ඇත. මෙම මනසේ ගුණය නිසා අනාගතයේදි මිනිසා කෙබදු ස්ථානයක කෙබදු ආකාරයකින් සිටි දැයි කිව නොහැකිය.

...

‍භෞතික වාදය කරපින්නා ගත් සමාජයක තවමත් සම්පූර්ණයෙන්ම ආධිභෞතික වාදය වැලලී නැත්තේ ඇයි? භෞතික වාදය ලොවට දායාද කල අයවුන්ටම නැවතත් ආධිභෞතිකය නැතිනම් පඤ්චේන්ද්‍රියන්ට ගෝචර නොවන යම්කිසි බලවේග හෝ ශක්තීන් පිළිබද සොයා බැලීමකට ‍යොමුවී සිටින්නේ ඇයි? මේ ප්‍රශ්ණ දෙකටම ඇත්තේ එකම එක කෙටි පිළිතුරකි. විශ්ව සත්‍යයක් කිසිදිනෙකත් මුළුමනින්ම සගවා තැබීමට හෝ විනාශ කර දැමිමට නොහැකි වීම ඒ කෙටි පිළිතුරයි . නවීන තාක්ෂනයෙන් නිපදවා ඇති ඉතා සියුම් සංවේදී උපාංගයන්ට පවා හසුනොවන ශක්ති විශේෂයන් මේ විශ්වය තුල සැරිසරන බව දැන් දැන් බටහිර උගතුන්ටත් බටහිර මත පසුපසම පමණක් දුව ගොස් හතිවැටී සිටීන පෙරදිග පඩිවරුන්ටත් පිළිගැනීමට සිදුව තිබේ. එතැනින් නොනැවති ඔවුන් ඒවා ගවේශනයටත් උත්සුක වෙමින් සිටියි. මෙවන් පරිසරයක භූත විද්‍යාව නමින් කොටසක් ආයුර්වේදය තුල පැවතීමම ආයුර්වේදයේ විශිෂ්ඨත්වයට සාධකයක් නොවන්නේද?
පෙරදිගයන් අතීතයේ සිටම පඤ්චේන්ද්‍රීයට ගෝචර නොවූවත් බොහෝ විශ්ව ශක්තීන් පිළිබදව හා බලවේගයන් පිළිබදව යම් විශ්වාසයකින් කටයුතු කල අය වූහ. මිනිස් මනස යනු ලොව මෙතෙක් බිහිවි ඇති ඉහලම සංවේදි උපකරණයයි. එයට වඩා තබා එය සමීපයට හෝ පැමිණිය හැකි කෘතිම උපකරණයක් බිහිකිරීම සිදු නොවන්නකි. මිනිස් මනසට සංවේදී වන බොහෝ විෂයයන්මේ විශ්වයේ ඇති අතර එවා ස්වයංසිද්ධව මෙන්ම යම් යම් විශේෂ ප්‍රයෝගයන්ගෙන්ද හසුකර ගැනීමට සිදුවේ. භූත විද්‍යාව නම් ආයුර්වේද විෂයයෙන් අපේක්ෂා කරන්නේ මෙම ශක්තීන් හා බලවේග මිනිසාට හෝ මිනිස් මනසට අහිතකර ලෙස හෝ පීඩාකාරී ලෙස බලපෑම් කරණ විට ඒවායින් මිනිසුන් මුදවා ගැනීමයි. ප්‍රතිකාර මගින් නැවතත් ප්‍රකෘති තත්ත්වයට මිනිසා ගෙන ඒම මෙහිදී සිදු වේ. ඖෂධ මෙන්ම ඖෂධ නොවන ප්‍රතිකාරද ඒ සදහා යොදා ගනු ඇත. එය ඉතා ඉවසීමෙන් හා සංයමයෙන් කල යුතු කාර්යයකි.

...