උද්භිද ඖෂධ »

ad_here

Ayur Expo2016

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Gampaha weda gedara

Consultants
Subscribe with WEDASA
Email *
 
දේශිය ආයුර්වේදයේ කොතලහිඹුටු වල භුමිකාව
kothalahimbutu roots

දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ඖෂධීය කර්‍ම සඳහා බහුලව භාවිතයට ගන්නේ කොතලහිඹුටු ශාකයේ මුල් සහ දඬු කොටස්ය. කොතලහිඹුටු දඩු වලින් සෑදු ලී භාජන වල රාත්‍රියට වතුර දමා තබා උදෑසන හිස්බඩ එම ජලය දියවැඩියා රෝගින්ට පානයට ගැනීමට දේශීය ආයුර්වේදයේදි වෛද්‍යවරු නිර්දේශ කරයි. ඊට අමතරව සංස්කාරිත ඖෂධ යෝග වලට අමතරව කෂාය සඳහාද කොතලහිඹුටු යොදා ගැනීම සිදුවේ.

බිංකොහොඹ ගුණෙන් පමණක් නොව මිලද අධිකම ඔසුවයි…..
Munronia pumila Wight

බිංකොහොඹ අයත් වන Meliaceae කුලය යනු අප බොහෝ දෙනා හොඳින්ම දන්නා කොහොඹ ශාකයද අයත් වන ශාක කුලයයි. කොහොඹ යනු කොතරම් නම් තික්ත රසැති ද්‍රව්‍යයක් වන්නේද යන වග අප කවුරුත් දන්නෙමු. බිංකොහෝඹ යනු කොහොඹ වල තික්ත රස පරයා යන තික්ත රසක් ඇත්තාවු ශාකයකි. කොහොඹ ශාකය වෘක්ෂ යටතේ වර්ගීකරණය වන විට බිංකොහොඹ ශාකය අයත් වන්නේ පඳුරු ශාක ගොන්නටය.

ගසක් යට සිටියත් වි‍රේක වන බව කියන ජාපාල….
JAYAPALA LEAVES

ජයපාල (ජාපාල) Croton tinglium Linnයන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Euphorbiaceae (ඒරණ්ඩ) කුලයට අයත් පදුරු ශාකයකි. ජයපාල ශාකය ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, බුරුමය, මැලේසියාව සහ ගිනිකොණ දිග ඉන්දියානු දූපත් වල සුලබ වශයෙන් දැක ගත හැකි අතර බෙංගාලය, ඇසෑමය හා දකුණු ඉන්දියාව යන ප්‍ර‍‍දේශ වල ඉතාම සුලබ ශාකයකි. ශ්‍රී ලංකාවේ පහතරට ‍තෙත් පරිසර වල හොඳින් වැ‍ඩේ. ප්‍රමාණනයෙන් කුඩා ශාකයකි.

අශ්වගන්ධා නොහොත් අමුක්කරා
අශ්වගන්ධා

බොහෝ දෙනා රසායන වාජිකරණ ඖෂධ ලෙස දැන සිටින්නේ අශ්වගන්ධා යන ඖෂධ නාමය සඳහන් ඖෂධයන් පමණි. අශ්වගන්ධා යනු හුදු රසායන වාජිකරණ ගුණ පමණක් ඇති ඖෂධ ද්‍රව්‍යයක් නොවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. අශ්වගන්ධා/අමුක්කරා ඖෂධය ගැන සමාජයේ බොහෝ දෙනා තුල ගොඩනැගි ඇත්තේ අසම්පූර්ණ ප්‍රතිරූපයක් වන අතර එය සමහර අවස්ථා වලදී නිවැරදිද නොවේ.

ත්‍රෛලෝක්‍ය විජයා පත්‍ර
cannabis tea

කංසා ආහාරයට ගැනීමෙන් බුද්ධිය වර්ධනය වේ. ප්‍රඥාව දියුණුවේ. ධාරණ ශක්තිය ලැබේ. නිර්මාණ කුසලතා වැඩි දියුණු වේ. මේ සියල්ල කංසා ඖෂධයේ ඇති ගුණ වේ. මේ සියල්ල සිදුවන්නේ නම් ඔහුට හෝ ඇයට තුන්ලොව ජය ගැනීම අපහසු නොවන්නේය. කංසා සඳහා ත්‍රෛලෝක්‍ය විජය පත්‍ර යන පර්යාය නාමය බැදී ඇත්තේද එබැවිනි.

වල්ලාපට්ටා හරි පාරෙන් යවමු.
wallapatta

මේ දිනවල වඩාත් ජනප්‍රියම ශාකය කුමක්දැයි මත විමසුමක් කලහොත් බොහෝදෙනා වල්ලාපට්ටා යන නාමය පවසනවා ඇත. එහෙත් ඒ බහුතරයම නිවැරදිව මෙම ශාකය ගැන දැනුවත් බවක් නැති බව නම් ඒහා සමානවම පැහැදිලිය. අපගේ උත්සහය වන්නේ වල්ලාපට්ටා ශාකය ගැනත් එහි උපයෝගිතාවයත් නිත්‍යානුකූලව ක්‍රම මගින් වල්ලාපට්ටා ශාකයෙන් ලබා ගත හැකි ආර්ථික වාසි ගැනත් දැනුවත් කිරීමටය.

දැනගෙන බුලත් කන්න
vita

බුලත් කෑමට ආසියාතිකයින් වැඩි නැඹුරුවක් දක්වා ඇත්තේ හුදු පුරුද්දක් වශයෙන් සලකා පමණක් නොව එහි අන්තර්ගත විශිෂ්ඨ ඖෂධීය ගුණ නිසාවෙන්ද යන මතය පහසුවෙන් බැහැර කල නොහැක. සෞභාග්‍යයේ සංඛේතය ලෙසින් සැලකෙන බුලත් මිනිසාට අහිතකර ශාකයක් නොව මිනිසාට වචනයේ අර්ථයෙන්ම හිතකර ඖෂධීය ශාකයක් බව සැලකීමට කාළය නැවත පැමිණ තිබේ.

අති දුර්ලභ කස්තුරි
musk deer

Musk යන ඉංග්‍රීසි නාමයෙන්ද මෘගනාභි, මෘගමද, සහස්‍රහිත්, කස්තුරිකා සහ වේදමුඛ්‍යා වැනි සංස්කෘත පර්යාය නාමයන්ගෙන් හඳුනා ගැනෙනා කස්තුරි, Moschus moschiferus නම්වූ සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මුව විශේෂයක ශරීරයේ නිපදවන බහිස්‍රාවී පදාර්ථයක් වන්නේයැයි සරලව පැවසිය හැක. රුසියාව, චීනය, මධ්‍යම ආසියාව, ටිබෙටය, නේපාලය, භූතානය, ඉන්දීයාව වැනිවු රටවලට අයත් මුහුදු මට්ටමෙන් අඩි 8000 කට වඩා වැඩි උසක පිහිටි කඳු බෑවුම් වාසභූමි කරගත් මෙම මුව විශේෂය කස්තුරි මුවා (Musk deer) යන නමින් හඳුන්වන්නේ මේ සුවිශේෂි බහිස්‍රාවි නිශ්පාදනය නිසාවෙනි.

1 2
...

පරිසරයේ ඇති එකකට එකක් වෙනස් වූ දස දහස් ගණනක් ශාක විශේෂ අතරින් කුමන ආකාරයක හෝ ඖෂධිය ගුණයක් නොමැති ශාක විශේෂයක් සොයා ගැනීම දුෂ්කර බව ඔබ දන්නවාද?
වර්තමාන පරම්පරාවේ බො‍හොමයක් දෙනා එය එලෙසින්ම නොපිළිගත්තද පෙර පරම්පරාවල අපගේ මුතුන්මිත්තන් සෑම ශාකයකම පාහේ ඇති කිනම් හෝ ඖෂධීය ගුණයක් දැන සිටියහ. පරිසරයත් සමග සමීපව ජීවත් වූ ඔවුන් එහි වටිනාකම, අගය දැන සිටියහ. අද සිදුව ඇත්තේ පරිසරයත් සමග සමීප නොවූ කාර්මිකරණය වූ සමාජයක ජීවත් වන්නවුන්ට එම දැනුම සම්ප්‍රේෂණය නොවීමයි. ඔවුන් ඒවා නොදන්නා බැවින් ශාකයන් සතුව අසීමිත ඖෂධීය ගුණ ඇතිබව විශ්වාස කිරීමට නොපෙළඹේ. නිවසේදී හෝ මග තොටේදී සිදුවන හදිසි අනතුරකදී තුවාල වීමක්, තැලීමක් හෝ අස්ථි බිදීයාමකදී පමණක් නොව විෂ ශරීර ගතවීමකදී හෝ සාමාන්‍ය ශරීර අපහසුතාවයකදී භාවිතයට ගැනීමට සුදුසු උද්භිද ඖෂධ පෙර හෙළයා අත්දැකීමෙන් දැන සිටියහ. වෛද්‍යවරයෙකු කරා ගියේද නැතුවම බැරි වූ මොහොතකදීය. වෛද්‍යවරා පවා ඖෂධ සොයා ගත්තේ තම ගෙවත්තේනි. නැතිහොත් අසල කැලෑ රෝදෙනි. එවන් සරල හා පරිසරය සමග අන්යෝන්‍ය බැදීමෙන් පෝෂණය වූ විශිෂ්ට ශිෂ්ඨාචාරයක වත්මන් පුරුක තම පරම්පරාවේ නොදැනීම හෝ නොහැකියාව වසා ගැනීමට උද්භිද සතු ඕෂධීය ගුණයන් පිළිබද සත්‍යය නොපිළිගැනීම හැදින්විය හැක්කේ කවරක් ලෙසද?
අතුරු ආබාධ සහ පශ්චාත් සංකූලතා ඇතිබව දැන දැනම වර්තමාන සමාජය රසායනික සංයෝග ඖෂධ ලෙස ගැනීම ප්‍රඥාවන්ත කමද? රසායනික ඖෂධ නිශ්පාදනය කරන්නා සේම ලොව පුරා බෙදා හරින්නාවූ රටවල් පවා දැන් දැන් එම ඖෂධ තමන්ගේ රටවල් තුල භාවිතයට ගැනිම අඩුකරමින් සිටින බව මේ නූතන බුද්ධිමතුන් දන්නේ දැයි අප නොදන්නෙමු. අවම වශයෙන් ඖෂධ ශාක වර්ග දහයකවත් හදුනාගැනීමට නොදන්නා තරුණ තරුණියන් බහුල වීම වර්තමානයේ රටක් වශයෙන් අප මුහුන දී සිටින ඛේදවාචකයේ ගැඹුර මොනවාට පැහැදිලි කරයි. එහෙත් අදුරට සාප කරමින් සිටිමට වඩා එක් පහනක් හෝ දැල්වීම මේ මොහොතේ දැනුවත් අපගේ සමාජ වගකීමයි. උද්භිද, පාර්ථිව සහ ජාන්තව යන ස්වභාවධර්මයේ විශිෂ්ඨතම නිර්මාණ ගොනුවේ නිර්මාණයන් සහ ඒවායේ ඖෂධීය ගුණ ඔබට හදුන්වා දීමට අප උත්සහ කරන්නේ එහෙයිනි.

...