පථ්‍යාපථ්‍ය විස්තර »

ad_here

Ayur Expo2016

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Gampaha weda gedara

Consultants
Subscribe with WEDASA
Email *
 
නිරෝගි සහ සැහැල්ලු ජීවිතයකට අත්‍යාවශ්‍ය නිවැරදි ආහාර රටාව සහ ජල පාන රටාව
වෛද්‍ය ජී.වී. චමින්ද ද සිල්වා මහතා

“නිවැරදි ආහාර රටාව හඳුනා ගැනීමේදී අප අවධානයට ගත යුතු පළමු කරුණ වන්නේ කුසගිනි ඇතිවිටදි ආහාර ගැනිමට යොමුවීමයි. එපමණක් නොව පිපාසය දැනෙනා මොහොත දිය බීමට හොඳම මොහොත බවද මතක තබා ගැනීමයි. ඒනිසා කුසගින්න හො පිපාසය දැනීම ආහාර ගැනීමට හෝ දියබීමට යොමුවීමට අපව යොමුකරවන සංඥා ලෙස ගත්තද වරදක් නැත. නිවැරදි ආහාර ගැනීමේ රටාව සහ එහි ප්‍රයෝජන කොතරම් වැදගත්ද යන්න පුද්ගලයින් දන්නේ නම් සියල්ලන්ම නිවැරදි කෑම රටාව අනුගමනය කරනු නොඅනුමානය” -ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ජී.වී. චමින්ද ද සිල්වා මහතා

මෙය හෘද රෝගීන් සඳහා පමණක්ම නොවෙයි…..!

තාක්ෂණයේ සීග්‍ර වර්ධනයත් සමගින් මිනිසුන්ද ඉතාම කාර්යය බහුල ජීවින් කොට්ඨාශයක් බවට පත්වී තිබේ. එයට සාපේක්ෂව මිනිසුන් රෝගීන් බවට පත් වීමද වේගවත් වී තිබේ. මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව පුද්ගලයා තමා කෙරෙහි දක්වන අවධානය තමා විසින්ම අඩු කරගෙන තිබීමයි. සංවර්ධනය වීමේදී ‍පුද්ගලයාගේ

කට පරිස්සම් කර ගන්නේ කොහොමද?

කට පරිස්සම් කරගත්තොත් හොඳයි. (දෙවන කොටස) මෙ‍ම ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ පෙර අවස්ථාවකදී සාකච්ඡා කරනු ලැබූ මධුමේහය රෝගය සම්බන්ධයෙන්ම තව දුරටත් සාකච්ඡා කිරිමටයි. මධුමේහ රෝගීන් වැඩි අවධානයක් යොමු කරන එසේම යම් යම් සැක සංකා ඇති ‍ක්ෂේත්‍රයක් වන “මධුමේහ රෝගය

අර්ශස් රෝගය සඳහා පථ්‍යාපථ්‍ය

අද සමාජයේ ඉතා සුලබ එහෙත් බොහෝ අය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අකමැති රෝගී තත්වයක් වන අර්ශස් රෝගය උත්සන්න   වීමට බලපාන ආහාර සහ විහරණයන්(ඇවතුම් පැවතුම්) සේම රෝගය පාලනයට හා සුවවීමට උදවු වන ආහාර සහ විහරණයන් පිළිබදව මෙහිදි සාකච්ඡා කරනු ලැබේ. අර්ශස් රෝග

...

ඕනෑම රෝග තත්ත්වයක් ඖෂධ වලින් පමණක් සුව කල හැකියැයි ආයුර්වේදය විශ්වාස නොකරයි. රෝගයක් සුව වීමට ආහාර, විහරණ යන දෙකත් ඖෂධ හා සමානවම වැදගත් කාර්යයක් ඉටු කරන බව මූලග්‍රන්ථ වල සදහන්ය. ආයුර්වේද වෛද්‍යවරයාගේ කාර්යභාර්යය අනෙකුත් වෛද්‍යවරුන්ගෙන් වෙනස් වන එක් ප්‍රධාන අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැක. පත්‍යාපත්‍ය විස්තරය නොමැතිනම් රෝගියාට සුදුසු ‍හා නොසුදුසු දේ පිළිබදව විස්තරය වෛද්‍යවරයා විසින් රෝගීයාට දැන්වීම කල යුතු වන්නේ ප්‍රතිකාරය සාර්ථක වීමට හෝ නිහ්ඵල වීමට ඒවා බල පාන බැවිනි. ආයුර්වේදය මෙය එක් විෂය කොටසක් ලෙස අවධාණය යොමු කර සිටියි. රෝග වලට හේතු වන කරුණු අනුව රෝගය උත්සන්න වීමට හා රෝගය සුවවීමට උපකාරයක් වන දේවල් වෛද්‍යවරයා විසින් රෝගීයාට විස්තර කර දීම එදා සිටම අද දක්වා ආයුර්වේද වෛද්‍යවරයා නොබිද සිදුකරමින් එයි. මෙය රෝගීන් විසින්ද දැඩිව අපේක්ෂා කරණ දෙයක් බවට පත්ව ඇත්තේ ඔවුන්ද ‍රෝග සුවවීමට පත්‍යාපත්‍ය අනූව කටයුතු කිරීමට අවශ්‍යබව උදක්ම විශ්වාස කරන බැවිනි. රෝගියා ආහාරයට ගනු ලබන ද්‍රව්‍ය වල සිය නින්ද, ස්නානය වැනි ක්‍රියාකාරකම් දක්වා සියල්ල මෙම පත්‍යාපත්‍ය තුලදී සාකච්ඡා කෙරේ. පත්‍යාපත්‍ය පිළිබදව අවබෝධය වෛද්‍යවරයා පලපුරුද්ද සහ විෂය පිළිබද දැනුම සමග වර්ධනය කර ගත හැකි අතර තමන්ගේ අත්දැකිම් වලින් සුදුසු හා නොසුදුසු දේ තීරණය කිරීමට වෛද්‍යවරයාට නිදහසක්ද හිමිව තිබේ.

...