Questions

ad_here

Ayur Expo2016

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Gampaha weda gedara

Consultants
Subscribe with WEDASA
Email *
 
Q. මගේ හිසකෙස් යනවා මට ඒකට කරන්න ඕන පිලියමක් දැන ගන්න පුළුවන් ද? - 2012/11/29

සාමාන්‍යයෙන් සෑම තැනැත්තෙකුගේම දිනපතා හිසකෙස් සැලකිය යුතු ප්‍රමාණයක් ගැලවී යාම සිදුවන දෙයක්. එය වැලැක්වීම නොහැකියි.එසේම පරම්පරා සාධකය මතත් හිසකෙස් ගැලවී යාම වැලැක්වීම අපහසුයි. පළමු පරම්පරාවේ පියාගේ තට්ටය පෑදීම සිදුවී ඇත්නම් දෙවන පරම්පරාවේ දරුවන්ගේද ඉක්මනින් තට්ටය පැදීම සිදුවිය හැකියි. නමුත් අසාමාන්‍ය ලෙස හිස කෙස් ගැලවී යනවා නම් එය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්. එය ආයුර්වේදයේ හදුන්වන්නේ අකාල පාලිත්‍යය කියලයි. මෙහිදි හිසට පෝෂණිය තෙලක් දැමීමට පුරුදු වියහැකතිනම් මදක් මෙය පාළනය කර ගත හැකියි. තවද විටමින් හා යකඩ බහුල ආහාර වර්ග ගැනීමට වගබලා ගත යුතුයි. පෝෂණ ඌණතා නිසාද හිසකෙස් ගැලවී යයි. තයිරෝයිඩ් හොමොන වල විකෘතිතා, හිසේ අපිරිසිදු කම, විවිධ ඖෂධ හා ප්‍රතිකාර නිසාද හිසකෙස් ගුලවී යාම වැඩිපුර සිදුවිය හැකියි. එසේම දැඩි මානසික ආතතිය නිසාද හිසකෙස් ගැලවි යා හැකියි. කෙසේ වෙතත් මේ සදහා සංවෘත ප්‍රතිකාරයක් සිදුකල යුතුයි. එහිදි අභ්‍යන්තර ඖෂධ හා බාහිර ආලේපන තෙල් වර්ග හා හිස සේදීමට ඖෂධීය දියර වර්ග භාවිතා කල යුතුයි. මේ සදහා විශේෂ සායනයක් නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන රෝහලේ පැවැත්වෙනවා. එමගින් ඔබගේ හිස කෙස් ගැලවී යාම ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක්ද යන්න නිවැරදිව තක්සේරු කොට ප්‍රතිකාර ලබා ගත හැකියි.

එම සායනයට සහභාගි වීමේ අපහසුතාවයක් තිබේ නම් අප වෙත දැනුම් දෙන්න. එවිට අප ඔබට පාවිච්චි කිරීමට සුදුසු අභ්‍යන්තර ඖෂධ සහ බාහිර ඖෂධ වර්ග දැනුම් දීම සිදු කරන්නම්, නැතිනම් ඔබට ලැබීමට හෝ සැලැස්විය හැකියි.

Question *
Email *
Name
captcha
Enter The Code *
... ගැටළුවක් ඇතිවන්නේ යම් මොහොතකද වහාම එම ගැටළුවට පිළිතුරුද සොයා ගැනීමට උත්සහ කිරීම පරිපූර්ණ අවබෝධයකට අත්‍යාවශ්‍යය. නිවැරදි හා පරිපූර්ණ අවබෝධයකට ගැටළුකාරි, සැකමුසුතැන් සහිත දැනුම බාධාවකි. අපගේ කැමැත්ත වන්නේද අපගේ පාඨකයින් ගැටළු හෝ සැකමුසු තැන් වලින් මිදුණු උගත් බුද්ධිමත් වෙදැස පාඨකයන් විමයි. විචාරශිලී තැනැත්තාට බොහෝ දේ පහසුවෙන්ම තේරුම් ගැනිමේ හැකියාව පැබේ. විශේෂයෙන් මිනිසාගේ ‍ජීවිතයට සෘජුවම බලපාන සෞඛ්‍යය වැනි විෂයයක් සම්බන්ධයෙන් ගත් විට මොට වු අඩුපාඩු සහිත දැනුම අත්කර දෙන්නේ යහපත් ප්‍රතිඵලයක් නම් නොවේ. එනිසා අප ඔබට ආරාධනා කරන්නේ ඔබට ඇතිවන ඕනෑම ගැටළුකාරී අවස්ථාවක අප හා සම්බන්ධ වි එම ගැටළු වලට නිවැරදි විසදුම ලබා ගන්නා ලෙසයි. මේ පිටුව වෙන් වන්නේ ඒ සදහායි. ( පෞද්ගලිකව පිළිතුරු අපේක්ෂා කරන ගැටළු සදහා හැර අනෙන් සියළුම ගැටළු සදහා පිළිතුරු මෙහි පළකරන්නේ වැඩි දෙනකු එයින් දැනුවත් වන බැවිනි.)
...